පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට (21දා) වසර හයක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරෙන් පෙරවරු 7.00ට ආරම්භ කෙරෙන පාගමන කොච්චිකඩේ සා. අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත ගමන් කෙරේ.Sri Lanka Latest News
උදෑසන 8.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් සහ වින්දිතයන්ගේ සහභාගිත්වයෙන් 06 වන සැමරුම පැවැත්වේ. (උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 02 නිශ්ශබ්දතාව රැකීම) එම සිහිපත් කිරීමේ වැඩසටහන උදෑසන 10.30 පමණ වන තෙක් පැවැත්වේ.
කටුවපිටිය සා. සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී උදෑසන 8.15 ට අති උතුම් මැක්ස්වෙල් සිල්වා සහ ජේ. ඩී. ඇන්තනි අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේව මෙහෙය ද, සවස 4.30 ට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වින්දිත පවුල් 10 කට නිවාස ලබාදීමේ උත්සවය සිදු කෙරේ.
එදින සවස 5.30 ට වතිකානයේ ශුද්ධාශනය විසින් ප්‍රහාරවලින් මියගිය අයව ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගැනීම මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් ප්‍රකාශයට පත් කිරීම සහ දේව මෙහෙය පැවැත්වෙන බව ජාතික කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.
Saru FM Media