තුන්සක රියෙන් ඇද්ද කසිප්පු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

0
6


ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු බෝතල් 240 ක් සමග සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (20) අලුයම් කාලයේ දී මාදම්පේ – ජයබිම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇති බවයි.

කසිප්පු තොගය පොලිතින් මළු 06 ක අසුරා තිබියදී සොයා ගැනුණා.

පිටතින් කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයට එම පොලිතින් මළු කළු පැහැති ඉටි ආවරණයකින් වසා දමා ත්‍රී රෝද රථයෙන් ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සැකකරු හලාවත – මැරවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම කසිප්පු තොගය මැරවල පදිංචි ප්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කරුවෙකුට අයත් බව අත්අඩංගුවේ පසුවන සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

මාදම්පේ සහ අවට ප්‍රදේශවලට කසිප්පු බෙදා හැරීම මෙම ජාවාරම්කරුවා විසින් සිදු කරන බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුව හලාවත මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here