තීරුබදු සම්බන්ධයෙන් අමරිකාව සමග සාකච්ඡා පැවැත්වූ ආසියානු කලාපයේ දෙවන රට ශ්‍රී ලංකාවයි – මහාචාර්ය අනිල් ජයන්ත

0
7


අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් එරට රජය සමග සාකච්ඡා පැවැත්වූ ආසියානු කලාපයේ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වන සමාලෝචනය සම්බන්ධයෙන් වොෂිංටනයේ පැවති සාකච්ඡා සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා නියෝජිතයින්, අමෙරිකානු වෙළඳ නියෝජිත ආයතනය සමග තීරුබදු සම්බන්ධයෙන්ද සාකච්ඡා වාරයක් පැවැත්වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.  

Neth Sound · DR ANIL 02

එවැනි සාකච්ඡාවකට එක් වීම සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර ඇති බවද අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවා.

Neth Sound · DR ANIL 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here