තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් – අගමැති – Saru News | සිංහල

0
11

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් බවත් කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතු බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇයි මේ බව අවධාරණය කළේ ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක කාන්තා මන්දිරයේදී ඊයේ (21) පැවැත්වූ  World Woman Davos Agenda 2026 සඳහා සහභාගී වෙමිණි.

“වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන් (Women Leading the Changing Global Order)” යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ අගමැති, ලොව පුරා කාන්තාවන් දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සිටින නමුත්, කාන්තාවන් වැටුප් නොලබමින් සිදු කරන රැකබලා ගැනීමේ කටයුතු, අවිධිමත් ශ්‍රම දායකත්වය සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන් ලබා දෙන දායකත්වයන් තවමත් සමාජය හඳුනා ගෙන නොමැති බව පවසා සිටියා ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන විට, තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ;  එය කලක් තිස්සේ පවත්වා ගෙන යන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ගොඩනගා ගත් බල  ධූරාවලියක ප්‍රතිඵලයක්. නායකත්වය ලබා දෙන කාන්තාවන්ට, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්, හිරිහැර, අපහාස සහ ආන්තිකකරණය නිසා එල්ල වන ප්‍රහාර නිසා බොහෝ විට නායකත්වයෙන්  ඉවත් වීමට හෝ ඉන් වැළකී සිටීමට කටයුතු කරනවා.

මෙම බාධකවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම කියන්නේ හුදෙක්  ආරක්ෂාව පිළිබද දෙයක් නොවේ. එය, කාන්තාවන්ට සිය ස්වාධීනත්වය, අධිකාරිය සහ විශ්වාසය සමඟ නායකත්වය ක්‍රියාත්මක කළ හැකි පරිසරයන් නිර්මාණය කිරීමේදී ආයතනික සහ බල ව්‍යුහයන්හි පරිවර්තනයක් කිරීම හරහා සිදු විය යුතු දෙයක්.

දේශපාලන කැපවීම එහි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සමඟ සමපාත වූ විට කළ හැකි දේ ශ්‍රී ලංකාව පෙන්නුම් කරලා තිබෙනවා. එයට හොඳම නිදසුන ලෙස පළමු වරට, කාන්තාවන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් අපගේ වත්මන් රජය යටතේ දේශපාලන නියෝජනයේ ඓතිහාසික ප්‍රගතියක් ලබලා තිබෙනවා.

එයින් පිළිබිඹු වන්නේ ඒ දැක්ම ඉදිරි දර්ශනයකට පමණක් සීමා වී නොමැති බවයි.  සියල්ල ඇතුළත් පාලනයක් කරා නව රජයේ කැපවීම එයින් පිළිබිඹු වෙනවා.”

නායකත්වය යනු පවතින අසුන්වලට සීමා වීම පමණක් නොව, පවත්නා පද්ධතින් ප්‍රතිව්‍යුහගත කිරීම බව අගමැති සඳහන් කළා ය. ස්ත්‍රීවාදී, අන්තර් නායකත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අගමැති නැවත තහවුරු කළ අතර, කාන්තාවන් සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන් සහභාගිවන්නන් පමණක් නොවන බවත්, අනාගත ලෝකය හැඩගස්වන ප්‍රතිපත්තිවල ප්‍රධාන නිර්මාණකරුවන් බව පවසා සිටියාය.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here