විස්සයි -20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි – 20 තරගාවලියේ තෙවැනි තරගය වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය අද (22 දා) රාවල්පිණ්ඩි හිදී ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය. තුන්කොන් තරගාවලිය යටතේ පැවැති පළමු තරගය සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාවේ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ජය පාකිස්තානයට හිමිවූ අතර, දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 67ක පහසු ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
ඒ අනුව අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් වන අතර, තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්වනු ඇත.
සිසිර ඉන්ද්‍රජිත්
Saru FM Media









