තීරණාත්මක තරගයේ ජය ශ්‍රී ලංකාවට

0
1

පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඊයේ (25දා) පැවති තරගයෙන් කඩුලු 09ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහි කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ලකුණු 147ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 16යි පන්දු 2කදී ලබා සිය ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 58ක් තුළ නොදැවී ලකුණු 98ක් වාර්තා කළ අතර ඊට 4 පහර 11ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය. මේ අතර විස්සයි 20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය.

විස්සයි 20 තරගවලදී ලකුණු 2305ක් රැස් කර ගෙන එම තරග රටාවේ වැඩිම ලක-ණු ලාභියා ව සිටි කුසල් ජනිත් පෙරේරා පසුකර යමින් පැතුම් නිස්සංක මෙලෙස පළමු ස්ථානයට පත්වූයේ ලකුණු 2326ක් රැස් කරගනිමිනි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here