තිස්සමහරාම පොලිසියට අයත් ජීප් රථය පැහැරගෙන ගොස් පසුව දමා ගිය පුද්ගලයා පැය 18 කට පසු නීතිඥයෙකු මගින් තිස්සම හරහාම පොලිසියට භාර වූ බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.
පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුලක් පිළිබඳව 119 දුරකථන ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් සැරයන් වරයෙකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ජීප් රථෙයන් පිටත්ව ගොස් ඇත.
පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුල සිදුවූ ස්ථානයට නිලධාරීන් ගිය අවස්ථාවේ කඩු සහ පොලු රැගෙන ආරවුලක යෙදී සිටි පිරිස පාලනය කිරීම ජීප් රථෙය් රියැදුරු ලෙස කටයුතු කර නිලධාරියාද ආරවුල සිදුව ස්ථානයට ගොස් ඇති බවත් ඒ අතරතුර ජීප් රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව කළ සෝදිසි මෙහෙයුමකදී ආරවුල සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුර ඇල්ලගල කැලෑබද ප්‍රදේශයක අතහැර දමා තිබියදී ජීප් රථය පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු ජීප් රථය පැහැරගෙන ගොස් ඇත්තේ පැමිණිලි කරන ලද පාර්ශවයට විරෝධයක් දැක්වීමට බව පොලිසිය කීය.
Saru FM Media