තිස්සකුට්ටිට පොහොට්ටුවෙන් දැඩි අවවාද

0
6

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
කුට්ටිආරච්චි මහතා මීට දින කිහිපයකට පෙර සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා පක්ෂය සාමාජිකයන් තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර තිබෙන බවයි මහලේකම්වරයා කියා සිටින්නේ.
මේ අනුවයි කුට්ටිආරච්චි හිටපු මන්ත්‍රීවරයාට පක්ෂ නායකත්වය විසින් මෙලෙස දැඩි අවවාදාත්මක අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මිහින්තලේ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී කුට්ටිආරච්චි ප්‍රකාශ කලේ නාමල් රාජපක්ෂ ජනාධිපති දිනක තමන් නිල නොලත් ජනාධිපති බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here