හොරණ, මල්වානේගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අසල්වැසි පුද්ගලයෙකු සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකළ වයස අවුරුදු 32ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හොරණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru News
















