තිඹිරිගස්කටුව මාරිස්ටෙලා – ලයිසියම් බාලක – බාලිකා ශූරතා දිනයි

0
6

ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති 93 වැනි “රිට්ස්බරි – ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 115) නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනු ශූරතාව කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 103) හිමි වන අතර වාරයේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 94.5) තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

මෙවර තරගාවලියේ බාලිකා අංශයේ සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 239) සමත් වූ අතර අනු ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල (ලකුණු 158 ) සතු විය. තෙවන ස්ථානය පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 82) ට හිමි විය.

පිට පළාත් පාසල් අතර තරගාවලියේ බාලක ශූරතාව වත්තලට රැගෙන යෑමට ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 94.5) සමත් වන අතර වාරයේ දී බාලිකා ශූරතාව වලලට රැගෙන යෑමට ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල (ලකුණු 158) හැකියාව ලැබිණි. එකී බාලක අනු ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලට ද බාලිකා අනු ශූරතාව පන්නිපිටිය ධර්මපාල විදුහල ට ද හිමි විය.

මෙවර තරගාවලියේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නට අඹගමුව මධ්‍ය මහ විදුහල නියෝජනය කළ අයෝමාල් අකලංක (අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීම – තත්. 46.59) සමත් වූ අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ජිත්මා විජේතුංග (අවුරුදු 20 න් පහළ මීටර් 400 – තත්. 53.87 ) අති ශූරතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබන්නට සමත් වූවාය.

මෙවර තරගාවලියේ දක්ෂතම දුර පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙත ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ටී. සන්දිල් (මීටර් 7.51) සමත් වූ අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරූෂ මෙන්ඩිස් දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව (මීටර් 2.15) වෙත ප්‍රදානය කෙරුණු කුසලානයට හිමිකම් කීය.

වසරේ දක්ෂතම මීටර් 400 කෙටි දුර ධාවන ශූරයා ලෙස අයෝමාල් අකලංක (අවුරුදු 20 න් පහළ බාලක මීටර් 400) තිළිණ ලැබීය.

මෙවර තරගාවලියේ බාලක සහාය දිවීමේ ශූරතාව කොටහේනට රැගෙන යෑමට ශාන්ත බෙනඩික්ට් විදුහල සමත් වන අතර වාරයේ දී බාලිකා සහාය දිවීමේ ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සතු විය.

ඡායාරූප : කමල් වන්නිආරච්චි

අනුරුද්ධ හේරත් බණ්ඩාර

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here