තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරේ

0
12


පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.

අප්‍රේල් මස 05 වන දිනට පෙර මුද්‍රණය කර අවසන් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔහු කියා සිටියා.

මීට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ද මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවද පැවසුවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව සියලුම දිස්ත්‍රික්කවල තොරතුරු දැනටමත් ලැබී ඇතැයි ඒ මහතා කියා සිටියා.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 7 වැනිදා නිකුත් කරන බව, මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි එම කටයුතු සිදුකෙරෙන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වෙයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here