තැන තැන වෙඩි තබා සිදුකරන ඝාතන ගැන විමර්ශනවල දී අනාවරණයක්

0
9


දිවයිනේ තැන තැන සිදුවන වෙඩි තබා සිදුකරන ඝාතන; මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි අතර පවතින ගැටුම් මත සිදුවන බවට විමර්ශනවල දී අනාවරණය වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙතෙක් සිදුව ඇති එම ඝාතනවලින් සියල්ලම පාහේ සිදුව ඇත්තේ පාතාල කල්ලි අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵලයක් මත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම අපරාධවලට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහාවන පොලිස් විමර්ශන අඛණ්ඩව සිදුවන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

“කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය, පාතාලය, දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් සම්බන්ධ වෙලා, බන්ධනාගාර නිලධාරීන් සමහර කෙනෙක්, ආරක්ෂක අංශවල සමහර කෙනෙක්, පොලිසියේ සමහර කෙනෙක් සම්බන්ධ වෙලා, ක්‍රියාත්මක වෙච්ච් ජාලයක්, අපි ක්‍රමානුකූලව අඩපණ කරමින් ඉන්නවා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here