රෂිකා හෙන්නායක අප්‍රේල් 04 ,කොළඹ LNW :
තන්තිරිමලය, මානෑව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවෙකු තන්තිරිමලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 31 හැවිරිදි තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
තවද, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අරගලංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්ව ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකන්ද පොලිස් ස්ථානයවෙත භාර දුන් බවයි .
Saru FM Media