අපි හරිම කැමතියි විලාසිතා කරන්න. ෂොපින් යනකොට ලස්සන ඇඳුම්, හෑන්ඩ් බෑග්ස් සහ මේකප් තරමටම අපේ ඇහැ යන දෙයක් තමයි Heels..
අඩි උස පාවහන් දාලා හැඩට ඉන්න, ඇවිදින්න කැමති අපි කවුරුත් දැන ගන්න ඕනෑ කාරණා කිහිපයක් තියනවා.
මේක හරිම වැදගත්. ඇඟිලි වලට හිරයිද, කකුල් කැපෙනවා ද කියලා බලන්න. හිර පාවහන් ඔබට නොයෙකුත් ගැටලු ඇති කරනවා.
සාමාන්‍යයෙන් කකුලට සුවපහසුයි කියන උස ප්‍රමාණය තමා අඟල් එක සහ අඟල් තුන අතර උසින් යුතු පාවහන්. මීට වඩා උස හීල්ස් සාමාන්‍ය ගමනට නොගැළපෙන්නේ ඒවායින් දැඩි පීඩනයක් කොන්ද ප්‍රදේශයටත්, දණහිසටත්, වළලුකරටත් ඇතිකරන නිසායි.
මේ දවස්වල ලෝකයේ ප්‍රවණතා නම් හැරෙන්නේ මෙන්න මේ විලාසිතාවලට.
Chain Accents
Chain-embellished leather slingback sandals
Pocena Chain Bootie
2 Chains Pumps
The New Loafer
මේ Style වලින් ආනයනය කරපු Heels වගේම අපේ රටේ නිපදවූ සපත්තු වර්ගත් වෙළඳපොළේ ඕනෑ තරම්.ඔයාට ගැළපෙන Style එක ඔයාම තීරණය කරන්න. උස සහ කකුලේ හැඩය එක්ක ඒ තීරණය ගන්නත් අමතක කරන්නම එපා.
ඔයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් ඔබේ ස්මාර්ට් පෙනුමට සහ පෞරුෂයට හීල්ස් හරිම වැදගත් වෙනවා.
සාරියක් අඳින උත්සවයකට වගේම සමහර ගවුම් විලාසිතාවලටත් Heels වලින් අපූරු එළියක් ලැබෙනවා.
සාමාන්‍ය ගමන් සහ ටියුෂන්, කැම්පස් එක වගේ තැනක හීල්ස් දැමීම එතරම් ගැළපෙන්නේ නෑ. හරියන්නේ කකුලට සුවපහසු දෙකක්.
දුවලා පැනලා වැඩ කරන Site වල ඉන්න අය, කුඩා දරුවන්ට උගන්වන ගුරුවරියන්ටත් හීල්ස් වලින් ඇති වෙන්නේ බාධාවක් විතරයි.
හිර වෙලා ගමන් බිමන් යන බස්, කෝච්චි වල යන එනවා නම් හීල්ස් පාවිච්චිය පරෙස්සමින් කරන්න.
වැටීම් නිසා අනතුරු විය හැකි නිසා මේ අයටත් හීල්ස් හරියන්නේ නෑ.
හැබැයි, ඔයාලට හරියන අපූරු විලාසිතාත් තියනවා. අන්න ඒ සපත්තු, සෙරෙප්පු විලාසිතා ගැනත් ඉක්මනින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
1.ඔබට උස පෙනුමක් ලබාගන්න පුළුවන්.
2. ශරීරයේ හැඩය ඉස්මතු කිරීම.
හීල්ස් දෙකක් පැළඳගත්තම ශරීරය S අකුරක ආකාරයට දිස් වෙනවා. ශරීරයේ ඉනෙන් උඩ කොටස ඉදිරියටත් ඉනෙන් පහළ කොටස පිටුපසටත් මදක් තල්ලුවීමක් සිදු වෙන නිසා ඔබේ සිරුර හැඩට පේනවා
3.පාදවල මේදය ක්‍රමයෙන් අඩු කර මාංශපේශි මනාව ක්‍රියාත්මක කරනවා
4.ආත්ම විශ්වාසය.
ඔබ උසින් අඩු කෙනෙක් නම් Heels දෙකකින් උස මතු කරගත්තම දැනෙන ආත්ම විශ්වාසය ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ.
අඩි උස සපත්තු දැමීම හානිකර බව මත පළ වුණත් ඔබ ලස්සනට ඉන්න ආසා නම් ඔබට ගැළපෙන විලාසිතා තෝරා ගැනීම සහ ඔබේ පරිස්සම සලසා ගැනීම ඔබේ අයිතියක්. ඒ නිසා ලස්සනට ඉන්න.
Heels නිසා ඇති වෙන ගැටලු සහ ඒවාට විසඳුම් ගැන අපි තවත් දවසක කතා කරමු.
Saru FM Media