තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් චීනය අවධාරණය කරයි

0
11


චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය චීනයේ තායිවාන දූපත වටා ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණුවීම් සිදු කරන බව චීනය පවසනවා.

ඒ චීන තායිවාන ප්‍රදේශයේ බෙදුම්වාදී බලවේගවලට බරපතල අනතුරු ඇඟවීමක් ලෙස බවයි චීනය සඳහන් කරන්නේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(1) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවයි සඳහන් වන්නේ .

තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, කිසිදු බාහිර බලවේගයකට ඒ සඳහා මැදිහත් වීමට අවසර නොදෙන බව ද Guo Jiakun මහතා යළිත් අවධාරණය කර තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here