තායිවානයට එරෙහිව ගෙන ආ චීනයේ “Strait Thunder” අවසන්

0
10


ප්‍රධාන වරායන් සහ බලශක්ති පහසුකම් වලට එල්ල කරන ප්‍රහාර පිළිබඳ පුහුණුව සඳහා චීන හමුදාව තායිවාන සමුද්‍ර සන්ධියේ සජීවී ගිනි අභ්‍යාසයක් පවත්වා තිබේ.

චීනය එය නම් කර තිබුණේ “Strait Thunder” ලෙසයි.

“ස්ට්‍රේට් තන්ඩර්” යන සංකේත නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යාසය, චීනය විසින් සිය භූමිය ලෙස ප්‍රකාශ කරන තායිවානය වටා ආරම්භ කරනු ලැබුවේ ඉකුත් අඟහරුවාදායි.

අනතුරුව එය දින දෙකක් දක්වා දීර්ඝ කර තිබිණි.

තායිවානයේ ජනාධිපති කාර්යාලය අඟහරුවාදා ප්‍රකාශ කළේ, දැඩි හරස් සමුද්‍ර සබඳතා මධ්‍යයේ වඩ වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති හමුදා ප්‍රකෝප කිරීම් දැඩි ලෙස හෙළා දකින බවයි.

තායිවානයේ ජනාධිපති ලායි චිං-ටේ බෙදුම්වාදියෙකු ලෙස පවසමින් ඔහුගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් චීනය මෙම හමුදා අභ්‍යාසය සිදු කර තිබේ.

විලියම් ලායි චීනය හැඳින්වූයේ “විදේශීය සතුරු බලවේගයක්” ලෙසයි.

මෙම අභ්‍යාසය තායිවානයේ ස්වාධීනත්වයේ බෙදුම්වාදී බලවේගවලට බරපතල අනතුරු ඇඟවීමක් සහ ප්‍රබල පාලනයක් විය යුතු බව චීනයේ මහජන විමුක්ති හමුදාව පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here