තායිලන්ත මව් රැජින දිවියෙන් සමුගනී

0
3

තායිලන්තයේ මව් රැජින සිරිකිට් රැජිණ දිවියෙන් සමුගෙන තිබේ.

වත්මන් තායිලන්ත රජු වන , වජිරලොන්කෝන් ( King Maha Vajiralongkorn, ) ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවිණි .

ඊයේ ( 24 ) ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ .

තායිලන්තයේ මව් රැජින සිරිකිට් , පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුල්යෙද්ජ් ( King Bhumibol Adulyadej ) රජුගේ බිරිඳ ය .

මව් රැජින සිරිකිට් වෙනුවෙන් , රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙසට වජිරලොන්කෝන් රජු සිය තායි රාජකීය නිලධාරී මණ්ඩලයට නියෝග කර ඇත .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here