තායිලන්ත තානාපති සහ සෞඛ්‍ය ඇමති අතර හමුවක්

0
12


මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි. රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කරලීම සඳහා තායිලන්ත රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බවද තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මහනුවර ජාතික රෝහල කෙන්ද්‍ර කර ගනිමින් විකලාංග වෛද්‍ය හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද මෙරට තායිලන්ත තානාපතිවරයා එම හමුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here