ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගාවලිය
ආසියානු කුසලානයට ඩී කාණ්ඩයේ යටතේ සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පාපන්දු තරගය රීඩ් මාවතේ තුරඟ තරග පිටියේදී පැවැති තරගයෙන් ගෝල 4-0 ලෙස ශ්‍රී ලංකාව පරදා තායිලන්තය ජයග්‍රහණය හිමි කරගන්නා ලදි.
ඊයේ පැවැති තරගයේ මුල් භාගයේ දෙපිලම තියුණු තරග නිරත වූ අතර 07 වැනි විනාඩියේදි තායිලන්තය සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් විය.
තරගයේ දෙවන භාගයේ තායිලන්තය කණ්ඩායම ආක්‍රමශිලි ක්‍රිඩා රටාවක නිරත වෙමීන් 65 – 76- 89 වැනි විනාඩියේදි ගෝල වර්තා කිරිමට සමත් විය.
මෙම තරග ජයග්‍රහණය සමග බී කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට තායිලන්තයට හැකි විය.
ඊයේ තරගයට ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා අසනීප තත්ත්වයක් නිසා තරග නොකළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ක්ලෝඩියෝ මැතිව්ස් විසිනි.
මිට පෙර තායිලන්තය සමග පැවැති තරගයෙන් (1-0) ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
තායිලන්තය ජාත්‍යන්තර තරග 9 කදී ශ්‍රී ලංකාව මුණගැසී ඇති අතර ඉන් 9 වතාවකම තායිලන්තය ජයග්‍රාහනය කර ඇත.
මෙම තරගයට පෙර ඩී කාණ්ඩයෙන් තරග හතරකට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව චින තායිපේ කණ්ඩායම (3-1) කින් සහ තුර්කිමෙනිස්තානය සමග තරග දෙකක් පැවැති අතර ශ්‍රී ලංකාවේ දී පැවැති තරගයෙන් ගෝල 1-0 ලෙස ප්‍රබල තුර්කිමෙනිස්තානය පරදා ශ්‍රී ලංකා ජයග්‍රහණය හිමි කරගන්නා ලදි. දෙවන තරගය තුර්කිමෙනිස්තානයේ ආර්ඩ්ඩෑග් ක්‍රීඩාංගණයේදි පැවැති අතර එම තරගයෙන් ගෝල 2-1 ලෙස තුර්කිමෙනිස්තානය ජයග්‍රහණය හිමි කරගන්නා ලදි.
මිට පෙර තායිලන්තය සමග පැවැති තරගයෙන් (1-0) ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
ශ්‍රී ලංකාව තරග වදින අවසන් තරගය චින තායිපේ සමග ලබන මාර්තු 31 වැනිදා තරග වැදිමට නියමිතය.
මෙම තරග ජයග්‍රහණය සමග බී කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට තායිලන්තයට හැකි විය.
සුසිල් ජයකොඩි
රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ සිට
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media









