තායිලන්තයේ පැවති තරුණ විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වූ සිව්දෙනා යළි දිවයිනට

0
9


තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ජයග්‍රහණ හිමි කරගත් සිව් දෙනා යළි දිවයිනට පැමිණ තිබෙනවා. 

මෙම සම්මේලනය තායිලන්තයේ, හයෝමි නුවර පැවැත්වුණා. ඒ, ලෝකයේ රටවල් 44ක තරුණ විද්‍යාඥයන් 1,400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුවයි. 

එම සම්මේලනය ඉකුත් 05 වනදා ආරම්භ කර තිබෙනවා.          

මෙම සම්මේලනයට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලෙන් සහභාගී වූ කවීෂ නෙත්සර සිසුවා ඉදිරිපත් කළ විවිධ මත්ස්‍යයන්ට ජීවත් වීමට සුදුසුම පරිසරය, විද්‍යාත්මක ක්‍රමවේදයකින් සොයා දෙන පර්යේෂණයට ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණා. 

එසේම කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ මහසෙන් දොඩංගොඩ සහ රෙහාන් ජයකොඩි සිසුන් එක්ව ඉදිරිපත් කළ, කපා ඉවත් කරන කෙසෙල් අලවලින් මිනිස් සිරුරට පෝෂ්‍යදායී කිරිපිටි වර්ගයක් නිෂ්පාදනය කරන පර්යේෂණයටද ලෝකඩ පදක්කමක් හිමි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසුවේ.

එමෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයයේ තෙව්මලී පියදාස සිසුවිය ඉදිරිපත් කළ, දැනට අප පරිසරයට මිශ්‍ර වී ඇති පොලිතීන් පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය ඇතුළත් පර්යේෂණ නිබන්ධය සඳහා ද ලෝකඩ පදක්කමක් හිමි වී තිබෙනවා.
           
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here