වත්මන් රජයේ බොරුව මුසාව මුලාව ප්‍රෝඩාව හා ඇන්දවීම නිසා රටේ ජනතාව දැඩි කළකිරීමකට දුකකට පත්ව ඇති බවත් බඩු මිල අහස උසට නැගිම ජීවන බර වැඩි වීමට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක බදු 44% අප රටේ අපනයනට පැනවීම නිසා ආර්ථික විනාශයක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ වන විට නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් නොමැති වීම නිසා ආර්ථික විනාශයක් කරා රට යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පුත්තලම ආසනයේ පැවැති ජනහමුවකදී පැවසීය.
අද වන විට තෙල් සහනාධාරය නොමැති බවත් පොහොර ටිකවත් හරියට නොමැති බවත් මේ බදු ප්‍රතිපත්තිය ගැන පුන පුනාම කියද්දි රජය විහිළු සපයමින් ඒවා නොසලකා හැරි බවත් ආණ්ඩුව නිදි මරගාතේ විකාර කියමින් සිටි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ බරපතළ ගැටලුවට ආණ්ඩුවට තිබු එකම විසදුම කමිටුවක් වුවත් එය ප්‍රමාණවත් නොවන බවත් මේ ප්‍රතිචාරාත්මක බදු පැනවීම හරහා අප රටේ කර්මාන්තකරුවන්ට සේවකයන්ට ආර්ථිකයට දැඩි බලපැමක් වන බවත් එය 2028 ණය ගෙවීමට ද බලපැමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.














Saru FM Media