ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් කළ අයෙකු අයිස් සමඟ අත්අඩංගුවට

0
11


ත්‍රිරෝද රථ හා යතුරුපැදි සොරකම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කුලියාපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කුලියාපිටිය නගරයේ සිදුකල වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි නාරම්මල, පොතුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 200ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු විසින් කුලියාපිටිය, කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව හා මාරවිල යන පොලිස් වසම්වලින් සොරාගන්නා ලද ත්‍රිරෝද රථ 13ක් සහ යතුරු පැදි 07ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here