ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙක් මරුට

0
4

හතරලියද්ද පොත්තපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

හතරලියද්ද දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා හතරලියද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හතිරලියද්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here