ත්‍රිපෝෂ සමාගම වෙළෙඳ අමාත්‍යාංශයට පැවරීම සැකයි – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය

0
1

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ත්‍රිපෝෂ සමාගම අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් වෙළෙඳ අමාත්‍යාංශය යටතට පැවරීම විශාල සැකයකට තුඩු දෙන්නක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයාගේ විෂය පථය ද සීමා කර තිබියදී සෞඛ්‍ය අමත්‍යාංශයේ අවශ්‍යතාව වෙනුවෙන් ඇති කළ ත්‍රිපෝෂ සමාගම වෙළෙඳ අමාත්‍යාංශයට පැවරීම වෙනත් යටි අරමුණක් වෙනුවෙන් කළ දෙයක් බව පැහැදිලි යැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ත්‍රිපෝෂ සමාගම මිලදී ගැනීමට විශාල උත්සාහයක් ගත් ප්‍රසිද්ධ බිස්කට් සමාගමක ප්‍රධානීන් කිහිපදෙනකු මෙම රජය යටතේ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රධාන නිලතල දැරීමත්, වත්මන් ජනාධිපතිවරයාගේ පළමු ගැසට් නිවේදනයෙන්ම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට යෝජනා කර පසුව විරෝධතා හේතුවෙන් එය හකුළා ගැනීමත් අතර සම්බන්ධයක් ඇති බවට සැක බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here