ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්බලන්තොට ඇළේතොට ප්‍රදේශයේ දී පුද්ගලයන් තුන්දෙනෙකු ඝාතනයට ලක්වුයේ පසුගිය පෙබරවාරි දෙවනදායි.
දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක දී තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතන සිදුකර තිබුණා.
මෙම ත්‍රිත්ව ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.
අම්බලන්තොට පොලිසිය මේ පිළිබඳ විමර්ශන සිදුකරනවා.
Saru FM Media