ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරයේ බුද්ධ ප්‍රතිමාව ගැන පාර්ලිමේන්තුවේ කතාවේ

0
7

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් සම්බන්ධ සිදුවීම පදනම් කර ගනිමින් ජාතිවාදය ඇවිස්සීමට හෝ එම සිදුවීම දේශපාලනය සඳහා යොදා ගැනිමට කිසිසේත් ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (17දා) ප්‍රකාශ කළේය.

අතීතයේ සිදුකළ දේවල් කිරීමට කිසිවකුට ඉඩ නොතබන අතර මෙම සිදුවීමට සම්බන්ධ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන බවත් මීට අදාල’කරුණු අධිකරණයට වාර්තා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පිළිමයකට හානි කිරීමක් පිළිබඳ තොරතුරු ලැබුණු වහාම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කීය.
අමාත්‍්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ස මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, ශානක්‍යයන් රාසමානික්කම් අය මහත්වරුන් අද පැවැති විවාදය අතරතුර දිගින් දිගටම සිදුකළ’කරුණු දැක්වීම් වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ’ ඒ මහතා සඳහන් කළේ
මෙම සිදුවීම හරහා කිසිවකුට අපි ජාතිවාදය ඇවිස්සීමට ඉඩ නොතබන අතර ආරක්ෂාව සඳහා එම පිළිමය එම ස්ථානයෙන් ඉවත් කළ බව ද පැවසියග එමෙන්ම එම පිළිමය නැවත තැන්පත් කරන ලෙස පොලිසියට උපදෙස් දුන් බවද සඳහන් කළේයගස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‘ඊයේ දිනයේ ත්‍රීකුණාමලය වරාය පොලිසියට ලැබුණු තොරතුරක් මත බුදුපිළිමයට හානියක් කරයි කියලා තමා මෙම පිළිමය එම ස්ථානයෙන් ඉවත් කරලා තිබුනේ. මේකට ඔබතුමා කියන විදිහට පොලිස් ආරක්ෂාවක් සපයගන්න ඒ වෙලාවේ හැකි වුනේ නැත්තේ මේක රාත්‍රී 10 ට විතර තමයි බුදු පිළිමය මෙම ස්ථානයේ තැන්පත් කර තිබෙන්නේ. අද උදෑසන කාලය දක්වා ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි ත්‍රීකුණාමලය වරාය පොලිසියට මෙය ගෙනගොස් තිබෙන්නේ. ඒක ඔබතුමාලාට විශ්වාස නැත්තම් වරාය පොලිසියේ සටහන් යොදා තිබෙනවා. මොන කාරණයක් නිසාද ‘ඒ විදිහට කටයුතු කලේ කියලා. ඒ අනුව නැවත අපි පොලිසියට උපදෙස් දුන්නා. ‘ආරක්ෂාව තහවුරු කරලා බුදු පිළිමය තිබුණු ස්ථානයෙන් නැවත තැන්පත් කරන ලෙසට. මෙම සිදුවීම හරහා කිසිවකුට අපි ජාතිවාදය ඇවිස්සීමට ඉඩ දෙන්නෙ නැහැග ඒ සඳහා ඉඩක් ඇත්තෙම නැහැ. අතීතයේ කරපු දේවල් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ. මේක දේශපාලනය සඳහා යොදා ගන්න ඉඩ දෙන්නෙත් නැහැග අනිවාර්යයෙන්ම මෙයට සම්බන්ධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර මෙය විසඳා ගන්නවා. සමහර කරුණු අධිකරණයට වාර්තා කරන්නට වෙනවාගඒ වාර්තා කිරිම අපි සිදු කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here