ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද දුන් නියෝගය

0
5

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වනදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ හඬපට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ. 

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව කස්සප හිමියන් ඇතුළු හිමිවරු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. 

ඒ අනුව මෙම පෙත්සම යළි සලකා බැලීම සඳහා අද පස්වරු 1.30 ට කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here