එළඹෙන මැයි 01 වැනි දින ජාතික ජන බලවේගය සිය මැයි රැලිය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
අරගලයෙන් පසු ගාලුමුවදොර පිටිය කිසිදු දේශපාලන කටයුත්තකට ලබාදීම තහනම් කිරීමට පැවැති රනිල් වික්‍රමසිංහ රජය කටයුතු කළද, එම තහනම ඉවත් කොට ඒ සඳහා අවසර ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී විශාල ජන සහභාගිත්වයකින් පැවැත්වීමට මාලිමාව සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.
Saru FM Media