සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගයට ලැබී ඇති රාජ්‍ය බලයේ බලවත්කම ඇඟෙන් නොපෙනෙන්නේ යැයි ඇතැමුන් කියන නමුත් තව සති දෙක තුනක් යනවිට ඇඟෙනුත් බලය පෙන්වන ආකාරය කාටත් දැක ගැනීමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අපේ වැරදි කියලා කියන්න තියෙන්නෙ මොනවද ? වචනයක් දෙකක්, ඒ වචනවලට දෙන අර්ථකථන … මේවා විවේචනද ? ගණන් ගන්නවත් එපා. අපි වැඩ කරමින් ඉගෙන ගන්නවා, ඉගෙන ගනිමින් වැඩ කරනවා. මේ බලයේ බලවත් බව පේන්නෙ නෑනෙ ඇඟෙන් … ඒක රෝමයේ වහල් යුගයට අයිති ඇඟේ දේශපාලනය. එහෙම මදියි කියලා කවුරුහරි හිතනවා නම් ඇඟෙනුත් එකක් දෙකක් ඕනා කියලා නම් කියන්න කෙළින්ම. අපට කියන්න කෙළින්ම. එහෙමත් ඕනා නම් කියන්න. ඕනාද ? රයිට්. එහෙනම් තව සති දෙක තුනක් යනකොට බලාගන්න ඒක”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (මැයි 14) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංගපීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර සමරුව අමතමිනි.
Saru FM Media