තව සතියක් ඉවසන් ඉන්න! ඉන්දියාවෙන් ලුණු නැවක් එනවා! Sri Lanka Latest News

0
3


ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය. Sri Lanka Latest News

ඒ අනුව දැනට පවතින ලුණු හිගය අවසන් ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙන් මිලදී ගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ලුණු සමාගම මඟින් ඇණවුම් කළ ලුණු තොගයෙන් කොටසක් තම සමාගම මිලදී ගෙන ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළ සභාපති නන්දන තිලක මහතා ලංකා ලුණු සමාගමද මෙට්‍රික් ටොන් 10,000 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයිද පැවසීය.

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් හම්බන්තොට ඇතුළු අනෙකුත් ලුණු ලේවායන්වල ලුණු අස්වැන්න නොලැබුණු බවත් පැවසු ඒ මහතා ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගය ලැබුණු පසු ලබන සතියේ සිට ලුණු ලක්ෂ දෙක බැගින් වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

 ඊයේ  (14) ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කල බව පැවසූ සභාපති ඩි.නන්දන තිලක මහතා අදත් (15) ලුණු පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here