රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මගින් අද (24) පස්වරුවේ මෙරටට රැගෙන විත් තිබේ.
මාධ්‍ය නිවේදනයක නිකුත් කරමින් පොලිසිය පවසන්නේ සැකකරු මෙරටට රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගත් බවත් ඉදිරි විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලිසිය වෙත භාරදීමට නියමිත බවත්ය.
මෙලෙස රැගෙනවිත් ඇත්තේ අවුරුදු 34ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම යන චෝදනා එල්ල වී තිබේ.
සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යටතේ සිදුකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



2
Saru News










