තවත් බස් රථයක් අනතුරට – 39 දෙනෙකු රෝහල් ගත කෙරේ

0
2


අලදෙණිය, යටිහලගල, කුළුගම්මන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක්, කාන්තාවන් 20ක් හා ළමුන් 08 දෙනෙකු එලෙස තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහනුවර, පේරාදෙණිය හා තිත්තපජ්ජල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. 

එලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට වන්දනා ගමනක් සඳහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක්. 

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් එම අනතුර සිදුව තිබෙනවා. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් අලදෙණිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here