තවත් පාතාල කෙරුමෙක් කුදලාගෙන එයි – Saru News | සිංහල

0
15

අධිකරණ ඇප මත සිටි පාතාල නායකයෙකු වන පොඩි ලැසී නැමැත්තා අද (27) අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය.

මෙම පාතාල කල්ලි නායකයාට එරෙහිව ඉදිරිපත් වී තිබූ චෝදනා අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින අතර, ඇප ලබා දී තිබිණි. ඇප ලබා ගත් වහාම නීතිඥවරු සහ පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් දින කිහිපයක් සැඟවී සිටි මේ පුද්ගලයා මුහුදු මාර්ගයෙන් ඉන්දියාව පළා ගොස් සැඟවී සිටි අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා ඉන්දීය පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබිණි. මේ අතර පොඩි ලැසීට පළා යාමට උදව් කළ පොලිස් නිලධාරියා ද අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පාතාල කල්ලි නායකයා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.

100

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here