තවත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට – මත්ද්‍රව්‍ය සහ අවි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකයක් – Saru News | සිංහල

0
2

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව වාර්තා වේ.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කළාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here