නිශ්මං රණසිංහ මැයි 11, කොළඹ LNW:
සමහර අධිකරණ විනිසුරුවන්ට පෞද්ගලිකව සමීපවීමට උපකාර කිරීමට කුඩ ඉහළිම වැනි කාරණාවලට ගොස් දඩ ගැසූ කතාවන් අප අසා ඇත.යුක්තිය පසිඳලන අධිකරණය සහ එහි විනිසුරුවන් එතරම්ම ගෞරවාන්විතය.රටේ නිතිය සම්බන්ධයෙන් තීරණ ගැනීම ගැන බලය වැරදිකරු නිවැරදිකරු නම් කිරීමට ඇති තීරක බලය ඇත්තේ විනිසුරුවරුන්ටය.
එවැනි තත්ත්වයක නීතිපති පාරින්ද රණසිංහ නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර පංතියේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගය නැරඹීමට පැමිණීම උත්කර්ශයට නැංවීම සම්බන්ධයෙන් ගැටළු පැන නැඟේ.එය හිතා මතා අධිකරණය පිළිබඳව වැරදි අර්ථ කතනයක් ඇති කිරීමට කළ දෙයක්ද යන්න සමහර විට නීතිපතිවරයාම විමසා බලන්නට ඉඩ ඇත.
වර්ථමානයේ ශ්‍රී ලංකා රගර් හී ප්‍රධානියා වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය.ඔහුට මේ වන විට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.නුදුරේදී එය විභාගයට ගැනීමට ද නියමිතය.එම කරුණ විභාගයට ගැනීමට මෙන්ම අධිකරණය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙනී නොසිටිය යුතු යන්න සම්බන්ධයෙන්ද සැළකිල්ලක් දක්වා තිබියදී නීතිපතිවරයා මේ තරගය නැරඹීමට පැමිණියේ ඔහුගේ රගර් ලෝලීත්වය නිසා ප්‍රවේශපත්‍රයක් රැඟෙනද යන්න සළකා බැලිය යුතුය.
රගර් පරිපාලනයක් නැතත්,එහි කාර්යාලීය වැඩ සටහන්වලට බැහැරින් වෙනම පිරිසක් නවසීලන්ත – ශ්‍රී ලංකා රගර් තරග මෙහෙයවීම පවරා ගෙන කටයුතු කළ අතර අප මිට පෙර ද එම කටයුතු සිඳුවන ආකාරය විගනනයට ලක් විය යුතු බව කීවෙමු.එහි ශ්‍රී ලංකා රගර් මිලියන 55 ක් දක්වා වූ ණයකට හේතු නොමැතිව ඇතුළත් කළ පිරිස් ද වන බැවිනි.එසේම වත්මන් රගර් ප්‍රධානියා වන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු රොෂාන් රණසිංහ සමයේ පත් කළ අන්තර්කරණ කමිටුව විසින් අධිකරණයට ගොස් රගර් පරිපාලනයට නුසුදුසු බව කී හසන් සිංහවංශ ශෙමාල් ප්‍රනාන්දු යටතේම මේ තරගාවලියේ අනුග්‍රාහක වැඩ කටයුතු සියල්ල කළමණාකරනය කිරීමේ ප්‍රධානියා ලෙස නම් කර සිටියි.
මේ ආකාරයට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ආදී සියල්ලට ශෙමාල් ප්‍රනාන්දු මුහුණ දෙන්නේ කැමත්තෙන්ය.ඔහු විශ්වාස කරන්නේ දේශපාලකයාට සුවච කීකරුව හැසිරීම මිස රටේ නීතිය මෙන්ම ක්‍රීඩාවේ සුගතිය වෙනුවෙන් කටයුතු කිරීම සිය වගකීම නොවන බවය.එතැනදී දේශපාලකයාට හිතවත් පුද්ගලයන් ඉදිරියේ ද හීලෑ සත්වයෙකුගේ ස්වභාවයම ගනියි.විශාල බලාපොරොත්තු ඇති කරමින් නාවික හමුදාවේ පරිපාලන ක්‍රියාවල නිරත වූ අයෙකු ලෙස ඔහු මේ තනතුරට එන විට ඒ ගැන වැඩිම බලාපොරොත්තු තබා ගත් මාධ්‍ය කණ්ඩායමක් විදිහට අපි ඔහු ගැන බලාපොරොත්තු සහගතව ප්‍රශස්තිමය ලිවීමකද නිරත විණි.එහෙත් කාලය විසින් ඔහු ඉතා අඩු පෞරශයක් ඇති යුක්තිය වෙනුවට දේශපාලකයාට හීලැ වුණ චරිතයක් බව ඔප්පු කරන්නට පටන් ගත්තේය.
මේ කාරණාවලදි අධිකරණයද සිය දේශපාලනික හීලෑකම ඉදිරියේ දෙවන කොට සළකා ක්‍රියා කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනට ඔහුට එරෙහිව පවතින අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සහ එම චෝදනාවට ඔහුට තනියෙන් මුහුණ දෙන්නට වි ඇති තත්ත්වයක ඔහුගේ ප්‍රධානත්වයෙන් පවතින රග්බි පරිපාලනය විසින් නීතිපතිවරයා ආරාධිතයෙකු ලෙස කැඳවීම සදාචාරසම්පන්න නැත.අධිකරණ පද්ධතියට අදාළව පවතින සියලු නඩු පිළිබඳ ඇතැඹුලක් සේ නීතිපතිවරයා දැනගෙන සිටින්නට විදිහක් නැත.එය සාධාරණය.එවැනි තත්ත්වයක චූදිතයෙකු වී සිටින අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නීතිපතිවරයාට ආරාධනා කර එය ප්‍රසිද්ධ කිරීම ද යම් ආකාරයකින් අධිකරණය අපහසුවට ලක් කිරීමක්ය.එසේත් නැතිනම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තව දුරටත් තමන්ගේ දැල තුළ පටලවා ගැනීම සඳහා සහ සියලු වැරදි සහගත දේවල හිමිකරුවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බවට පත් කිරීමට වෙනත් පිරිසක් කළ සැළසුමක් වන්නට ද හැකිය.
තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටිය අතර ඒ අතර මැති ඇමතිවරුද විය.විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රධාන ආරාධිතයාව සිටියේය.නවසිලන්තයට එරෙහිව තරගයක් ලබා දීම වැදගත් වන්නේ එරට රගර් ක්‍රියාත්මක වන දියුණු සංස්කෘතියට සාපේක්ෂවය.එරට රගර් හී විසිර සිටින දක්ෂයන් විවිධ ශානර මඟින් එක් කර සකසන ජාතික කණ්ඩායම් අතර කිලෝ ග්‍රෑම් 85 අඩු කණ්ඩායම සිටින්නේ නවසීලන්තයට සාපේක්ෂව පහළම තැනකය.අපට අනුව ඒත් එය ඉහළය.එහෙත් මේ තත්ත්වයන් නොදැන දේශපාලකයන් වට කර සිටින කේවට්ටයන් ඔවුන්ට ඒත්තු ගන්වමින් සිටින්නේ නවසීලන්තයේ සුවිශාලම කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව කරට කර සටනක් දුන් බව කියන්නටය.දේශපාලකයෝ ද ඔවුන්ට සිය ඇදිවත බුරුල් කරන්නට දී ඒවා පෙනෙන ලෙස සිය සමාජ ජාලා ගිණුම් තුළ පළ කරන අදහස් සහ ඊට දෙන දේශපාලන අරුත් හාස්‍ය උපදවන සුළුය.
විශේෂයෙන් අරගල භූමිය තුළ සිට ද මේ රගර් ප්‍රශ්නය ගැන ලීවේය.චිත්‍රාගාරයේ නිදි නොමැතිව ක්‍රීඩාව ගැන ලියන්නට රාත්‍රියේ පැය කිහිපයක් වෙන් කිරීම පැහැර හැරියේම නැත.එම අරගලයේ ක්‍රියාකාරි සඟයෙකු වූ එරංගලා වැනි අය ඒ වන විට බලය සම්බන්ධයෙන් සහ පරිපාලනය සම්බන්ධයෙන් පැවරෙන වගකීම් ගැන නිනව්වක් නැතිවු සිටි බව පැහැදිළිය. ක්‍රීඩාව වැනි දේ සාකච්ඡාවට බඳුන් වූයේම නැත.ජවිපෙ අරගලය සම්බන්ධයෙන් සහභාගි නොවිය යුතු බව කියන ස්ථාවරයක සිටියද එරංගලා පක්ෂයට ඉදිරියෙන් සිට හැසිරුණ තරුණයෝ වූහ.
එහෙත් එහිදි සාකච්ඡාවට නොවුණු විෂයක,හැදෑරීමකට හසු නොවුණ විෂයක,නාමල්ලාලාගේ රගර් හිතවතුන් අරලියගහ මන්දිරය අසළ පැවති කූඩාරම් බිඳ ආබාධිතයන්ටද පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හැරෙන්න වෙන කිසි දෙයක් රගර් ගැන අරගලයේ පොදු කියවීම්වලට අදාළ වූවේ නැත. ඒ පහර දුන් හිතවතුන්ගේ ඉහළ පරාසයට අදාළව නාමල්ලා වෙනුවෙන් ලෝකය ඉදිරියේ ලංකාවේ රගර් ලැජ්ජා කරන තීරණ ගත් පරිපාලන තීරණගත් අය අද ආණ්ඩුවේ රගර් මෙන්ම සමස්ත ක්‍රීඩාවම මෙහෙයවන අය බවද ඒ නිසා එරංගලා දන්නේද නැත.
මේ තත්ත්වය මත අද වන විට ඒ නිසා මේ වන විට නවසීලන්ත ජාතිකයෙකු වන ජෙෆ් මෙතේසන් ලංකාවේ ද නවසීලන්තයේ මෙන් විසිර පැතිර සිටින සියලු රගර් දක්ෂයන් සොයා ගැනීමට හැකි ලෙස පළාත් මට්ටමෙන් පරිපාලන ශක්තිය ඇති කිරීමට ගත් තීරණය හැකිලීමට සිය රජය කටයුතු කරමින් සිටින බව නොදැන ප්‍රශස්ති ලියන බව දැක ගන්නට ලැබිණ.දැනට පවතින ක්‍රමය රැක විශේෂයෙන් එරංගගේ ගම් ප්‍රදේශය වන අවිස්සාවේල්ලට ආසන්නව තිබෙන තල්දූව වැනි රගර් ක්‍රීඩාංගණයක් රගර් කණ්ඩායමක් සමඟ නඟා සිටුවන්නට කටයුතු කළ යුතුය.දැනටත් රජයෙන් විශාල බදු සහන ලබමින් විශාල ව්‍යාපාරික ආයතන ලෙස ක්‍රියාත්මක ක්‍රීඩා සමාජ කිහිපයකට ලංකාවේ රගර් තීරණ ගැනීමේ බලය දෙන්නට දඟලන අමාත්‍යවරයාගේ එක් කොටසක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන එරංග මේ කිසිවක් නොසළකා ඒ දේවල් විඳිමින් සිටින්නේ ඊට හොඳම උදාහරණයක් තමන් උපන් ප්‍රදේශයේම තල්දූව ඇසුරේ තිබියදීය.මේ වෙනස් කිරීම් සමඟ කොපමණ මහන්සි වුව ද යළි තල්දූවට ඒ කාණ්ඩයට කණ්ඩායමක් ගෙන ඒම අහෝසි කරමින් තමන්ගේ රජය යටතේ ව්‍යවස්ථාවක් සැකසෙමින් තිබියදීය.
Saru FM Media