තල තෙල් වලින් ලස්සනට දිගට කොණ්ඩෙ වවාගන්න

0
11


හිස කෙස් වල ගැටලු විසඳා ගැනීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කර ගැනීමට අපට භාවිතා කළ හැකි තෙල් වර්ග අතරින් තල තෙල් විශේෂ තැනක් ගන්නවා.  ” Til ka oil , Sesame oil ” ලෙසත් හඳුන්වන මේ තල තෙල් ලබා ගන්නේ තල ඇට වලිනුයි. 

තල තෙල් යනු ඉහළ ප්‍රෝටීන් සහ බී විටමින් අන්තර්ගතයක් ඇති බීජ වර්ගයක් වන අතර එය විටමින් ඊ වැනි මේද අම්ල සහ ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත් වෙනවා. තල තෙල් මගින් හිස කෙස් වලට ලබාගත හැකි ප්‍රයෝජන රැසක් තිබෙන අතර හිසකෙස් වර්ධනය වේගවත් කර ගැනීමට හැකි මේ අපූරු තෙල් වර්ගය ගැනයි මේ ලිපිය.

තලතෙල් අවශ්‍ය ප්‍රමාණයට ගෙන රත් කර මදක් නිවෙන්නට හරින්න.

හිස කෙස් කොටස් වශයෙන් බෙදා හිස් කබලේ සහ හිස කෙස් වල තලතෙල් හොඳින් ආලේප කරන්න.

විනාඩි පහළොවක් පමණ හොඳින් සම්භාහනය කරන්න 

උණුසුම් තුවායකින් ඔබේ හිස ආවරණය කරන්න.

එය පැයක් පමණ ඔබේ හිසේ තිබෙන්නට හරින්න.

ඉන් පසුව මෘදු ෂැම්පු එකක් භාවිතා කර හිසකෙස් සෝදා හරින්න.

අවසානයේදී conditioner එකක් භාවිතා කරන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා,

ආගන් තෙල් , ඔලිව් තෙල් හෝ අලිගැට පේර තෙල් වැනි තෙල් වර්ගයක් සමඟ තල තෙල් මිශ්‍ර කර ආලේප කරන්න

යෝගට් ස්වල්පයකට තල තෙල් එකතු කර හිස කෙස් වලට යොදන්න. මෙම මාස්ක් එක මගින් හිස කෙස් වලට පෝෂණය ලබා දී හිස කෙස් වර්ධනය වේගවත් කරන අතර හිස් කබලෙහි තෙතමනය ආරක්ෂා කර දෙනවා 

නැවුම් කෝමාරිකා ජෙල් සහ තල තෙල් සමාන කොටස් වලින් මිශ්‍ර කර හිස කෙස් වල සහ හිස් කබලෙහි හොඳින් ආලේප කරන්න. මෙය මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් මගින් පිරිසිදු කරන්න.

හොඳින් ඉදුණු අලි ගැට පේර ගෙඩියක මදය හොඳින් පොඩි කර එයට තල තෙල් මේස හැඳි දෙකක් මිශ්‍ර කරන්න. එය මිනිත්තු 30 – 40 ක් පමණ කාලයක් හිස කෙස් වල තිබෙන්නට හැර සෝදා හරින්න.

තලතෙල් මේ සැහැදි තුනක් රත් කර එයට කරපිංචා ඉති කිහිපයක් එකතු කර විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු එය හිස කෙස් වල ගල්වා හොඳින් සම්බාහනය කර විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහා මෙය ඉතාම හොඳ සංයෝජනයක් ලෙස සැලකෙනවා  

තල තෙල් මේස හැඳි තුනකට මී පැණි මේස හැඳි එකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.මෙය හිස් කබලෙහි සහ හිස කෙස් වල හොඳින් ආලේප කර මිනිත්තු හතළිහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

අතීතයේ සිටම මිනිසුන් භාවිතා කරන පැරණිම තෙල් වර්ගයක් ලෙස සැලකෙන තල තෙල් ඔබේ හිස කෙස් වර්ධනය කර ගැනීම සඳහා සහ හිස කෙස් වල ගැටලු බොහොමයක් විසඳා ගැනීම සඳහා භාවිතා කළ හැකි ආකාරයයි මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here