තලවකැලේ සජබ මැයි රැලියේ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ! වෙලාවට පටන් ගත්තා! වෙලාවට ඉවර වුණා! කම්කරු ජනතාවත් සතුටුයි! සංවිධානය කරපු අපිත් සතුටුයි! සජබ මැයි රැලිය කරපු රාධක්‍රිෂ්ණන් සජබ කුමන්ත්‍රණකාරයන්ට රෙද්ද පල්ලෙන් බේරෙන්නම කියයි! I Sri Lanka Latest News

0
3


සමගි ජනබලවේගය විසින් තලවාකැලේ නගරයේ සංවිධානය කර තිබූ මැයි දින රැළියේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගේ හා පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සිත් රිදෙන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් සැළසුම් කළ ආකාරයට කිසිදු ගැටලුවකින් තොරව රැස්වීමේ කටයුතු අවසන් කිරීමට හැකි වූ බවත් කඳුරට ජනතා පෙරමුණේ නායක වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.Sri Lanka Latest News

මැයි දින රැළියේ හා රැස්වීමේ සියලු කටයුතු සංවිධානය කළේ මනෝ ගනේෂන් දිගම්බරම් හා තමා ඇතුළු දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ බවත් එම රැළියේදී ඇතැමුන් චෝදනා කරන ආකාරයේ කිසිම දෙයක් සිදු නොවූ බවද ඒ මහතා පැවසීය.

පාක්ෂිකයන් පිටව යාමට පෙර සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බැස ගිය බවට පාර්ශ්ව කිහිපයකින් එල්ල වී ඇති චෝදනා වලට පිළිතුරු දෙමින් රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව පැවසීය .

කොළඹින් බැහැරව වතුකරයේ මැයි රැලිය පැවැත්විය යුතු බවට පක්ෂ නායකත්වයට යෝජනා කරනු ලැබුවේද දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි කැමැත්තකින් එම ඉල්ලීම පිළිගත් බවද රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය .

සරත් සමරනායක – කැන්ඩි ප්‍රයිම් නිව්ස්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here