තරුශීව නොසළකා හැරීමෙන් ගෘහස්ත පිටියේදී ශ්‍රී ලංකාවට රිදී එළියක් නැති වුණා ද?

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW:

පෙබරවාරි 6 සහ 7 යන දෙදින ඇමෙරිකාවේ පැවති Charlie Thomas Invitational ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ තරුශි කරුණාරත්න, කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා පැවති තරග පහක ප්‍රතිපල ඇසුරෙන් කළ අවසාන නිරීක්ෂණයට අනුව හයවන තැනට පත් වෙනවා.තරුශි මේ ඉසව්වේදී වාර්තා කරන කාලය වන විනාඩි 2:09.43 තරුශි මෙම ඉසව්ව නියෝජනය කරන ලද දිනවලම චීනයේ පැවති ආසියානු ගෘහස්ථා තරගාවලියේදී මෙම කාලය වාර්තා කරානම් ඇයටත් රටටත් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට අවස්ථාව තිබුණා.මේ සටහන සමඟ වන ඡායාරූපයේ එහි කාලය සඳහන් වන අතර රිදී පදක්කම දිනා ගත් උස්බෙකිස්තාන ක්‍රීඩිකාව වන Samijonova Sabokhat වාර්තා කර තිබෙන කාලය වන්නේ විනාඩි 2:09.58 ක් බව ඔබට දැක ගත හැකියි.

මෙහිදී පළමු තැන ලබන චීනයේ Wu Hongjiao 2025 වසරේ ආසියානු ගෘහස්ථ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩිකාවයි.එසේම සිව්වන තැන සිටින්නේ තරුශි කරුණාරත්නයි.ඒ සාක්ෂි සහිත සටහන ද මේ සටනේ ප්‍රධාන ඡායාරූපයට ඇතුළත් කර තිබෙනවා.

එහෙත් විශ්වාසවන්තව කිව හැකි කරුණ වන්නේ තරුශිට මේ තරගාවලියට සහභාගි විය හැකිදැයි යන්න මෙර බලධාරීන් කිසිවෙකු විමසා බලා හෝ නැති බවයි.ඒ මොහොත වන විට මලල ක්‍රීඩාව පාලනය කළ ක්‍රීඩා අමාත්‍යංශය ඒ විමසීම පැහැර හැරියාද යන්නත් සොයා බැලිය යුතුයි.එසේම ඇයට ලංකාවේ මූල්‍යමය අනුග්‍රහය ලබා දෙන කිසිඳු සංචිතයකින් කිසිඳු ගෙවීමක් ලැබෙන්නෙත් නැහැ.තමන්ගේ හැකියාවෙන් මඟ හොයාගෙන අතින් වියදම් කරගෙන ඇමෙරිකාවට යන අය එක්ක ලංකාවෙ අයගෙ කුමන හෝ අර්බූදයක් තිබෙනවා.අමාත්‍යංශ මට්ටමේ ඉදලා මලල ක්‍රීඩා සංගමයට එනතුරු මේ තත්ත්වය දකින්න ලැබෙනවා.

ඔලිම්පික් උළෙල නියෝජනයට යන තරුශි අසාර්ථ වුණේ ඇයි කියන කතාව ඇය නැවත හොඳම මට්ටමේ දක්ෂතාවය එළියට දාපු දවසක හෙළි කරයි.ඒ වගේම ඇයගේ පුහුණුව ද යම් තරමකට බල පාන්නට ඇති බවත් සිතෙනවා.ඒ නිසා ඇය විශ්ව විද්‍යාලය පවා වෙනස් කර නව තැනකට එන්නෙ ඇයගේ මලල ක්‍රීඩා ජීවිතය ගැන හිතලමයි.ඉදිරියෙදි නැවත යහපත් තත්ත්වයට ඒමට ඇය අපේක්ෂා කළත් ඇය තාප්තිමත් නොවන දක්ෂතාවලදිත් තරුශි ගෘහස්ථ පිටියේ දක්වන දක්ෂතාවය ආසියාවේ සිව්වන තැන රැඳෙනවා.2025 දත්තවලින් පෙන්වන මේ දක්ෂතාවය ගැන මේ සටහනට අදාළ ප්‍රධාන ඡායාරූපයේ දක්වා තිබෙනවා.

මේ ගැන තර්ක කළ යුතු නිවැරදි මානය හැදෙන්නේ එතැන සිටයි.තරුශි විදේශිය පුහුණු උපදෙස් මත වැඩ කරමින් සිටින විට එම පුහුණු උපදේශයන්ට අවශ්‍යය පරිදි තමන්ගේ උපරිමයට එන තෙක් ඉවසිය යුතුයි.ඒ නිසා ඇය ඇතැම් තරගාවලි අත හැර දමනවා.ඒ පුහුණුකරුගේ පුහුණු සැළසුම්වලට යටත්වයි.මුලින් කී ආකාරයට ඇය උපරිමයේ නැති බවත් ඇත්ත.එහෙත් ආසියාවේ සිව්වන තැනට සිටින ඇය අමාත්‍යවරයාගේ ඔලිම්පික් සංචිතයට නුසුදුසු ඇයි.එසේත් නැත්නම් වෙනත් දිමනාවක් ලබන සංචිතයකට හෝ ඇය නුසුදුසු ද?
තරුශි රට වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියට යන්නට කෙතරම් වද වින්දාද?ඒ ගමන නවත්වන්ට ඉහළින්ම කෙතරම් බාධක ආවාද?ඊට හේතුව තරුශිම නොවිය හැකියි.සුපිරි පුහුණුකරුවන්ගේ නාම ලේඛණයේ රැඳෙන අය නොවීම නිසා ද ඇතැම් විට මේ ප්‍රතික්ෂේපවීම් සිදු විය හැකියි.වත්මන් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නට සහ සිය පුහුණුකරුවාට එකල ලැබුණු අඩු සැළකිලි ගැන එකල සිටි ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කරන්නට කටයුතු කළ මාධ්‍යවේදීන් නොවන්නට සුගත්ලාට සෙසු ක්‍රීඩක ක්‍රීිඩිකාවන්ට ලැබුණු කිසි දෙයක් නොලැබී යන්නට තිබුණා.ක්‍රීඩා අමාත්‍යවරයාද තමන්ගේ සමීපතමයන් පවා නොතකා සුගත්ලාට සාධාරණය ඉටු කරන්නට එකඟ වූ හැටිද මෙහිදී සිහිපත් කිරීම වටිනවා.

ඉන් අනතුරුව ඇමෙරිකාවට යන තරුශි ශ්‍රී ලංකාවේ තරගවලට සහභාගි නොවීම ගැන යම් කිසි ආකාරයක සංවිධානාත්මක මෙහෙයුමකින් තරුශිව අවමානයට ලක් කර ජනතාව අතර යම් මතයක් හදන්නට උත්සාහ කළා.හැඟීම්බර සමාජ මාධ්‍ය ඇතුළේ තරුශිට එරෙහිව මතයක් යම් තරමකට නිර්මාණය කරන්නටද කටයුතු කළා.ඒ හරහා සමාජය විසින් ඇති කළ විරෝධය මත පදනම්ව අමාත්‍යවරයාගේ ද අවධානය වෙනතකට හරවමින් තරුශිට ගෘහ්ස්ත තරගාවලිය ගැන සිහිපත් කිරීම අත හැරීම වගේම ඇයට අනුග්‍රහයක් ලබා දෙන රජයේ වැඩ පිළිවෙලින් ඇයව ඉවත් කර තැබීමට පියවර ගෙන තිබෙනවා.

තරුශි ඉවරයි හෝ ඇති බව කියන්නට උත්සාහ ගන්නා පිරිස ඇය ශ්‍රී ලංකාවේ තරග බිමෙන් හකුළා දැමීමට ක්‍රීඩාවේ බලධාරීත්වයේ ආශිර්වාදය නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ වන විටත් යම්කිසි ආකාරයකින් ගෙන තිබෙන බව පැහැදිළියි.සමහර විට තමන්ව ඉක්මවා යන ක්‍රීඩිකාවන් පොළවේ නිර්මාණය වනවාට අකමැති අය සිටිනවා ද විය හැකියි.තමන්ගේ දරු අයිතිය පවා ප්‍රශ්නකාරී තැනෙකට කල්ලු වෙන විදිහට සිද්ධ කර ගත් අය අනාගත පරපුර වෙනුවෙන් වගකීම් දරණ මොහොතක තරුශිගේ ආලෝකය මේ පොළව මත වැටීමට එරෙහිව බොහෝ දේ සිඳුවිය හැකියි.ක්‍රීඩා අමාත්‍යවරයා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් සාක්ෂි සහිත ලේඛණයක්වත් මාධ්‍යයේ පළ වූ විට විශ්වාස නොකරන තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යවරයා තරුශි වෙනුවෙන් මැදිහත් වේද යන්න සැක සහිතයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here