තරුණ බව රැකදෙන කොලජන් නිෂ්පාදනය ඉහළ දමන ඔබ ආහාරයට ගත යුතුම ආහාර

0
9


මෑත කාලීන ව කොලැජන් පෝෂණ අතිරේකයක් ලෙසත් රූපලාවණ්‍ය අමුද්‍රව්‍යක් ලෙසත් ඉතා ජනප්‍රිය වූ බව ඔබට මතක ඇති. සමෙහි නිරෝගී බව ගැන බොහොම සැලකිලිමත් වන ස්මාට් කාන්‍තාවන්ට කොලැජන් නැතිවම බැරිදෙයක්. කොලැජන් අපේ සිරුරේ වැඩියෙන් ම ඇති ප්‍රෝටීන වර්ගයයි. සමට නිසි හැඩයක් ලබා දීම එනම්, කොලැජන් තන්තු වලින් හමේ කඩතොලු වැනි තැන් පිරවී නිවැරදි ව්‍යුහාත්මක හැඩය ලබාදීම ඇතුළු බොහොමයක් දේ කොලැජන් අපට සිදු කරනවා.

කොලැජන් යනු මොනවාද යන්නත්, ඒවායේ ප්‍රයෝජනත් අපි බලමු.

සිරුරේ වැඩියෙන් ම ඇති ප්‍රෝටීන වර්ගය ලෙස කොලැජන් හඳුනාගන්නවා. කොලැජන් වර්ග 16ක් අප සිරුරේ තිබෙනවා. සම, පේශි, පටක සහ අස්ථි වල මූලික තැනුම් ඒකකය වන්නේ කොලැජන්. කණීනිකාවේ, ලේවල මෙන්ම දත් වලත් කොලැජන් තරමක් හමුවෙනවා.

මතක තබා ගත යුතු වැදගත් ම දේ වන්නේ, කොලැජන් අඩංගු ආහාර කියා දෙයක් නොමැති බවයි. සිරුරේ කොලැජන් නිෂ්පාදනයට උපකාරී වන ආහාර පමණයි තිබෙන්නේ.

ප්‍රධාන ම ප්‍රයෝජනය වන්නේ සමට නිසි හැඩයක් ලබා දීමයි.

සමට පමණක් නොවෙයි. අස්‍ථි, පේශි, දත් ආදියෙහි ව්‍යුහයටත් කොලැජන් උදව් වෙනවා.

එමෙන් ම සන්ධිවල නිසි ක්‍රියාකාරීත්වයටත් කොලැජන් උදව් වෙනවා.

ඔබේ සමේ වියපත් පෙනුම් නසන්නටත් කොලැජන් බොහොම උපකාර වෙනවා.

කොලැජන් නිෂ්පාදනය ඉහළ නැංවීමට බෙහෙවින් උපකාරී වන විටමිනයක් ලෙස විටමින් C හඳුනාගන්නට පුළුවන්. දෙහි, දොඩම්, ස්ට්‍රෝබෙරි, පේර, තක්කාලි, ගස්ලබු වැනි ආහාර විටමින් C වලින් අනූනයි.

බිත්තර සුදුමද, බිම්මල්, ඇස්පැරගස් සහ ගෝවා වැනි proline අඩංගු ආහාරත් ඔබේ කොලැජන් නිෂ්පාදනයට උදව් කරනවා.

ඌරු මස්වල සමෙහි සහ කුකුල් මස්වල සමෙහි වැඩි ප්‍රමාණයක් අඩංගු වනවා.

තල ඇට, කොකෝවා, පරිප්පු සහ කජු වල අඩංගු Copper වලින් සිදුවන්නේත් කොලැජන් නිෂ්පාදනයට උදව් වීමයි.

අධික මිලැති පෝෂණ අතිරේක දැන් වෙළෙඳපොලේ ඕනෑ තරම් තිබෙනවා. එහෙත් ඔබ නිවැරැදිව පැහැදිලි කරගතයුතුම කරුණ නම් කොලැජන් අඩංගු පෝෂණ අතිරේක නොමැති අතර ඔබේ සිරුරේ කොලැජන් නිෂ්පාදනයට උදව් දෙන අතිරේක පමණක් වෙළදපලේ ඇති බවයි. වැදගත් ම කරුණ වන්නෙ වෛද්‍ය උපදෙස්වලින් තොරව ඒවා භාවිතය කොහෙත්ම සුදුසු නැති වීමයි.
වඩාත් ම සුදුසු වන්නේ ආහාර වලින් ඔබේ සිරුරේ කොලජන් නිෂ්පාදනයට උදව් ලබා ගැනීමයි. ඒ සඳහා ඉහත සඳහන් ආහාර වැඩි වශයෙන් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්න. එයින් ඔබේ මුදල් මෙන්ම ඔබේ නීරෝගී බවත් රැකේවි.
එමෙන්ම නිතර සිහිතබා ගත යුතු කරුණ නම් සිරුරේ නිපදවූ කොලජන් විනාශ වීමට බලපාන ඉහත සඳහන් හේතු අවම කර ගැනීමයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here