තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයේ අරමුණ තව කෙනෙකුට සේවය කිරීමේ කැමැත්ත ක්‍රියාවේ යෙදවීමයි – මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා

0
3

මැක්සිලියම් කොල්බේ පියතුමාගේ ජීවිත කතාව තුළ තම ජීවිතය පරිත්‍යාග කළ තම ජීවිතයට ජීවත් වෙන්න අවස්ථාවක් ලබාදෙන අවස්ථාවක්, ඒකයි සැබෑ නායකත්වයේ ගුණය ජේසුගේ ජීවිතයත් ඒ නායකත්වයේ සේවකත්වය අපට දෙන ආදර්ශය, නායකත්වය යනු හරි දේ කරන්න ධෛර්යමත් වීමයි. තමන්ට හිතෙන දේ කිරීම නොවේ නායකත්වය කියන්නේ කුරුසිය මගින් ක්‍රිස්තුන් වහන්සේ අපට උගන්වන්නේ අන්න ඒ නායකත්වයයි. ආදරය වෙනුවෙන් ප්‍රේමය වෙනුවෙන් තම ජීවිතය පූජා කළේ ක්‍රිස්තුන් වහන්සේ අපටත් ආරාධනා කළේ උන්වහන්සේ අනුව එන කවරකු වුවත් කුරුසය දරාගෙන උන්වහන්සේ පසුපස ඒමටයි. නිතරම හරි දේ කරන නායකයකු වන්න. ඒකයි තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණ වන්නේ. බැලීම විනිශ්චය ක්‍රියාව තුළ තම නායකත්වයේ ප්‍රගුණත්වය තව කෙනකුට සේවය කිරීමේ කැමැත්ත මනාව කියාදීම බව මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා 74 වැනි කාඩයින් සැමරුම් දින ප්‍රකාශ කරන ලදී.

මෙම උත්සවය මරදාන සා. ජෝසප් විදුහල් බොන්ජින් අනුස්මරණ ශාලාවේදී අතිඋතුම් කාදිනල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර ජාත්‍යන්තර ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ විශේෂ ආරාධිත රෝෂාන් මෙල්විල් ලොබො (MR ROSHAN MELWYN LOBO IYCS) හා ශිෂ්‍ය ව්‍යාපාරයේ පදවි දිසා අධ්‍යක්ෂ පියතුමන්ලා, පැවිදි සොයුරියන් ඇතුළු අගරදගුරු පදවියේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරි සජීවක සජීවිකාවන්, දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී අවු. 75 වැනි ජුබිලිය ප්‍රකාශ කිරීමේ සන්නස් පත්‍රය කාදිනල් හිමිපාණන් විසින් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී පද්‍ය තනු නිර්මාණ හා ගායනා තරගාවලියක් පැවති අතර මෙමගින් ජයග්‍රහණ කළ අගරදගුරු පදවියේ මීසම්වලට කුසලාන හා සහතික පත් ලබාදීම ද සිදුවිය. මෙම අවස්ථාව අගරදගුරු පදවි ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාර පදවි අධ්‍යක්ෂ ප්‍රගීත් ඩිෂාන් පියතුමා ඇතුළු පදවි කමිටුව විසින් සංවිධානය කරන ලදී. අවසානයේ තරගවලින් ජයග්‍රහණය කළ පිරිස සමග කාදිනල්තුමා ඇතුළු ආරාධිතයන් සමූහ ඡායාරූපයට එක්විය.

අසික ප්‍රියදර්ශන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here