තරුණයකුට දින 06ක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබූ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහි චෝදනා නැවත නඩු පැවරීමට යටත් ව ඉවත් කරගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (08) මාතර මහාධිකරණයට දැනුම් දුන්නා.
දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, මෙහි සෙසු නිලධාරීන් වන්නේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම, මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන බවයි.
මාතර, තෙලිජ්ජවිල පොලිසියේ සේවය කරමින් සිටියදී තෙලිජ්ජවිල පදිංචි දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 06කට ආසන්න කාලයක් රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා විසින් මේ නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා.
මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවලදී නීතිවිරෝධී ලෙස රඳවාගෙන දින ගණනාවක් තිස්සේ මේ තරුණයාට වධහිංසා කර තිබෙනවා.
Saru FM Media