තරුණයෙකුට දිවි අහිමි කළ සීදූවේ මාරක අනතුර

0
3

සීදූව, කොටුගොඩ මාර්ගයේ කිලෝමීටර් 03 කණුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොටුගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව ද සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here