තයිරොයිඩ් ග්‍රන්ථිය ලෙඩ වුනොත්?

0
12


අද කාලේ බහුලව ඇසෙන රෝගයක් තමා තයිරොක්සීන් ඌනතාවය කියන්නෙ. මෙම රෝගයට ගොදුරුවන පිරිසෙන් වැඩි දෙනෙක් වැඩි පිරිසක් කාන්තාවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියල හඳුන්වන්නේ සමනලයෙකුගේ හැඩය ඇති කුඩා ග්‍රන්ථියක්. එය පිහිටලා තිබෙන්නේ ශ්වාසනාලය ආශ්‍රිතව.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය මොළයේ පිහිටි පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන TSH හෝමෝනය මගින් ක්‍රියාත්මක වනවා.මෙම TSH හි ක්‍රියාකාරී තත්වයට T3 සහ T4 හෝමෝනයන්හි බලපෑම ඍජු ලෙසින්ම සම්බන්ධයි. රුධිර පරීක්ෂණයකදී මෙම හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම සිදුවන්නේ ඒ නිසයි. අපේ වර්ධනයට සහ ආහාර පරිවුර්තික ක්‍රියාවලිය ට තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරිත්වය ඉතාමත්ම වැදගත්. තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය hypothyroidism යනුවෙන්ද අධි ක්‍රියාකාරිත්වය hyperthyroidism හැඳින්වෙනවා.

අධි ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන රෝග ලක්ෂණ

තයිරොයිඩ් ග්‍රන්ථියේ සංකූලතා නොසලකා හැර සිටීම නිසා මීට අමතරව මද සරු බව, හර්ද රෝග ආශ්‍රිත සංකූලතාවයන් වගේම වකුගඩු රෝගාබාධ තත්වයන්ටත් හේතු වෙන්න පුලුවනි. එම නිසා ඉහත රෝග ලක්ෂණයක් හෝ කිහිපයක් පෙන්වනවා නම් පළමුව සිදුකළ යුතු වන්නේ තයිරොයිඩ් පරීක්ශාවක් වනවා. ඒ වගේම සුදුසුකම් ලත් පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සේවය ඉක්මනින්ම ලබා ගැනීමත් කළ යුතුම වනවා. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නත් බෙහෙත් නැවැත්වීමෙන් පසු නැවත රෝගය ඇති වෙන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම විකිරණශීලී අයඩීන් ප්‍රතිකාර මගින් මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම ගලගන්ඩය ලෙසින් හඳුන්වනවා. එය ඇතිවුවහොත් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සිදුවෙනවා.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here