Makeup කරන එක තරමක් සංකීර්ණ දෙයක් කියලා හිතුවත් ඇත්තටම එය එහෙම නැහැ. සරල පියවර කිහිපයකින් මේකප් එකක් ඔබට නිවසේදීම තනියම කරගන්න පුළුවන්. සාමාන්‍ය ගමනකට හෝ කාර්යාලයට යන්න කලින් ඔබට තනිවම කරගන්න පුලුවන් මේකප් එකක් ගැනයි මේ ලිපිය .
Makeup එක කරගන්න කලින් අමතක නොකළ යුතුම පියවරක් තමයි මේක. මුලින්ම ඔබේ මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර ගෙන ටිෂු එකක් ආධාරයෙන් මුහුණ තෙත මාත්තු කරගන්න. ඉන්පසුව ඔබ භාවිතා කරන සාමාන්‍ය මොයිස්චරයිසර් එකක් ආලේප කරලා මුහුණ හොඳින් සම්බාහනය කරන්න. තප්පර කිහිපයකට පසුව ප්‍රයිමර් එකක් ආලේප කරන්න . ප්‍රයිමර් එකක් ආලේප කිරීම මගින් ඔබේ මේකප් එක වැඩි වෙලාවක් රඳවා ගන්න ඔබට පුළුවන් වෙනවා.
ඔබ සූදානම් වන අවස්ථාව අනුව ඔබ භාවිතා කරන්නේ foundation එකක්ද BB cream එකක්ද කියලා තීරණය කරන්න ඔබට පුළුවන්. මේවා ආලේප කිරීම සඳහා සුදුසු බ්‍රෂ් එකක් , beauty blender එකක් ඔව් ඔබේ ඇඟිලි තුඩු වුනත් භාවිතා කරන්න පුළුවන්. ඔබේ සමේ වර්ගය අනුව ඔබේ සමේ පැහැයට ගැලපෙන foundation එකක් හෝ BB cream එකක් භාවිතා කිරීමෙන් ඔබට ස්වාභාවික මේකප් එකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා .
මේකප් එක බොහෝ විශේෂිත අංගයක් ලෙස eye makeup එක සැලකෙනවා. මේ සඳහා වර්ණ තෝරා ගන්නා විට ඔබේ ඇඳුම සහ ආභරණ පිලිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඉන්පසුව දෑස් වල පෙනුම තවත් වැඩි කර ගන්න මස්කාරා ටිකකුත් ආලේප කර ගන්න.
ඔබ සහභාගී වන අවස්ථාව අනුව අයි ලයිනර් එක ඇද ගන්න ඔබට පුළුවන්. ඔබ කාර්‍යාලයට යනවනම් ඉතා සරලව සහ කෙටියෙන් වගේම උත්සව අවස්ථාවක් නම් තරමක් දිගුව , ඔබේ දෑස් කැපී පෙනෙන ආකාරයට අයි ලයිනර් එක ඇඳගන්න.
කළු හෝ දුඹුරු පැහැ eye brows pencil එකකින් ඔබේ ඇහිබැම ඇඳගන්න. වඩාත් හොඳ පෙනුමක් සඳහා ඇහි බැමි සඳහා නිපදවූ බ්‍රෂ් එකකින් ඇහිබැමි හොඳින් පීරා ගන්න. මෙසේ පීරා ගැනීමෙන් ඔබේ ඇහි බැමි වලට හොඳ පෙනුමක් සහ නිමාවක් එකතු වෙනවා.
ඔබේ කම්මුල් දෙපස , නහය මැද , නළල සහ නිකට ආදී ඉස්මතු වී පෙනිය යුතු ප්‍රදේශ highlight කරගන්න අමතක කරන්න එපා. මේ සඳහා ඉතා ලා පැහැයකින් යුතු highlighter එකක් භාවිතා කරන්න ඔබට පුළුවන්
ඔබේ makeup එකේ පෙනුම තවත් වැඩි කරගන්න පුලුවන් අංගයක් තමයි lipstick කියන්නේ. ඔබේ ඇඳුමට ගැලපෙන වර්ගයකින් lipstick එකක් තෝරගන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. Matte lipstick එකක් භාවිතා කරනවා නම් ඔබට එය වැඩි වෙලාවක් රඳවා තබා ගන්න පුළුවන්.
Makeup එක නිමා කර ගත්තාට පස්සේ ඔබ අමතක නොකළ යුතු පියවර තමයි settings spray එක. ඔබේ මේකප් එක හානි නොවී වැඩි වෙලාවක් තියා ගන්න නම් මේ පියවර අනුගමනය කරන්නම ඕනේ.ඒ වගේම හොඳ වෙළඳ නාමයක් යටතේ හොඳ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදනයක් භාවිතා කරන්නත් වග බලාගන්න.
Makeup කරනවා කියන්නේ කලාවක්. ඒ කලාව හරි හැටි දැනගෙන හිටියොත් ඔබට makeup එකක් කරගන්නව කියන්නෙ බොහොම සුළු දෙයක්.මේ ලිපියෙන් අපි ඔබට කිව්වෙ ඒ ගැනයි.
Saru FM Media