තද සුළං ! අවවාදාත්මක නිවේදනයක් වැසි තත්ත්වයේ අඩුවක් නෑ !

0
1

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (25 ) පස්වරුවේ , පැය 24 ක් දක්වා බලපාන පරිදි නිකුත් කරන ලද නිවේදනය අනුව
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම , කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ.

මෙම නිවේදනය බලපැවැත්වෙන්නේ , බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්, සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ය .

අද (26) පෙ.ව. 08.30 ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව. 08.30 වන තෙක් වලංගු වේ යැයි එහි සඳහන් වේ .

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු- මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50–60ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයේ සඳහන් කර තිබේ .

එම නිවේදනය පහතින්

land_pdfDownload

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here