කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2026 පෙබරවාරි 22 දින පෙරවරු 08.30 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන්, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
විශේෂයෙන්ම කඳු ආශ්‍රිතව එම ප්‍රදේශ වල ජීවත් වෙන ජනතාව, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් ඒවට අනුගතවන්න.
නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හැකි ඉක්මනින් එම ස්ථාන වලින් ඉවත් වෙන්න.
ඔබගේ ජීවිත වල සුරක්ෂිතතාවය වෙනුවෙන්, අවට වටපිටාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින්න.
හදිසි අවස්ථාවකදී වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්න.
හදිසි ඇමතුම්:
117 (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)
මූලාශ්‍රය: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව – ශ්‍රී ලංකාව


The post තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්! appeared first on LNW Sinhala.
Saru News












