යාපනයේ අලවෙඩ්ඩි බණ්ඩතරිප්පු ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු අධික ලෙස ණය වී එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව වෙළෙඳසලේම එල්ලී 18 දා සියදිවි හානි කරගෙන තිබේ. වයස අවුරුදු 28 ක මෙම තරුණයා පියාට අයත් වෙළෙඳසල පවත්වා ගෙන ගොස් ඇතත් ඔහු බොහෝ වෙළෙඳ සමාගම්වලට හා පුද්ගලයින්ට අධික ලෙස ණය වෙමින් වෙළෙඳසල පවත්වා ගෙන ගොස් තිබේ.
මේ පිළිබඳව පියාට තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් පසුව පියා ඔහුට අවවාද කර ඇත. ණයකරුවන් ද වරින් වර වෙළෙඳ සලට පැමිණ ණය ආපසු ඉල්ලා සිටීම නිස දැඩි කම්පනයට පත්ව ඔහු සියදිවි හානි කරගෙන තිබේ.
මිය ගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට භාර දී ඇත. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ
Saru FM Media









