ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන රිය අනතුරු නිසා ඩොලර් මිලියන 3,000කට ආසන්න අති දැවැන්ත ආර්ථික විනාශයක් වෙන බව හෙළි වී තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනේ ප්‍රධානීන්, ජනාධිපති අතිරේක ලේකම් එස්. සුගීෂ්වර මේ බව පෙන්වා දී තිබේ. ලෝක බැංකුවේ මූලික ගණනය කිරීම් අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික අලාභය ඩොලර් මිලියන 4,100ක් පමණ වී ඇත. එම අලාභය හා සසඳා බැලීමේ දී වසරක් පාසා රිය අනතුරුවලින් සිදුවන ආර්ථික අලාභය අතිවිශාල වේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී වැඩි දුරටත් ඔහු හෙළි කර තිබෙන්නේ වාර්ෂිකව දළ වශයෙන් රිය අනතුරු 25,000ක් පමණ සිදුවන අතර, එයින් 2,500ක් පමණ මාරාන්තික අනතුරු බව ය. 2,700ක් පමණ මිය යන අතර තවත් අති විශාල පිරිසක් ආබාධිත තත්වයට පත් වේ. ඔවුන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම, රථ වාහනවලට සිදුවන අලාභය, වෙනත් දේපළවලට සිදුවන අලාභය යනාදී සාධක මත මූලික ගණන් බැලීමේ දී විදේශ විනිමය ඩොලර් මිලියන 3,000ක් පමණ විනාශ වී යන බව හෙළි කර තිබේ.
0
Saru News
















