ශ්‍රී ලංකාවේ අපනයන අංශය මේ වසරේ ( 2025 ) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 12986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇත.
මේ අනුව ගිය වසරේ ( 2024) අදාළ කාලය හා සසඳන විට මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී අපනයන ආදායම සියයට 7 ක වැඩිවීමක් සිදුව ඇත.
ස්ථාවර සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් මේ අපනයන වර්ධය සිදුව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ,අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරන බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media