ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

0
8

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW:

කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ නිවසට හොරු පැන ඩොලර් නෝට්ට් විස්සක් රැඟෙන ගිය කතාව සාවද්‍ය ප්‍රවාත්තියක් බවත්,හොරුන් රැඟෙන ගොස් ඇත්තේ ඩොලර් විස්සේ නෝට්ටුවක් බවත් කළුතර උතුර පොලීසිය පවසනවා.ඩොලර් නෝට්ටු විස්සක් රැඟෙන පළා ගිය බවට පළවන ප්‍රවෘත්තිය ගැන විමසමින් එම නෝට්ටුවල වටිනාකම විමසීම සඳහා පොලිසිය ඇමතු අවස්ථාවේදී එහි ප්‍රකාශකයෙකු මේ බව කියා සිටියා.

ඩොලර් නෝට්ටු විස්සක් ලෙස පළවන ප්‍රවෘත්තියට අනුව එය ඩොලර් සියයේ නෝට්ටු වුවහොත් ඩොලර් 2000 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හය ඉක්මවන මුදලක් වන නිසාත්,විනිසුරුවරියක් එවැනි වටිනාකමක් ඇති ඩොලර් ප්‍රමාණයක් තබා ගැනීම ගැනත් විමසීම සඳහා අප පොලීසිය ඇමතූ අවස්ථාවේදී මේ බව දැන ගන්නට ලැබුණා.

එම සිඳුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිඳු කරමින් පවතින බවත්,එම සිඳුවීම වන විට එහි සේවයට යොදවා සිටි නිලධාරීන් දෙදෙනා ගැන ද විමර්ශනයක් සිඳුවන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here